Saturday, June 13, 2015

Single phasing - තෙකලා මෝටරයක් කලාවන් දෙකකින් ධාවනය වීමට උත්සාහ දැරීම

ඔයාලට theory දැණුම වගේම  ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙන දේ ගැනත් කිව්බොත් හොඳයි කියල..
මම අද ඔයාලට Single phasing  කියන්නෙ මොකක්ද කියල කියන්නයි යන්නෙ.. මොකද කලින් කතා කලේ electronic ගැනනෙ..

Single phasing , එහෙමත්  නැත්තම් තෙකලා  ප්‍රේරණ මෝටරයකට එක් කලාවක සැපයුම නොලැබීම

ඔයාල හැමෝම දන්න තෙකලා මෝටයක් සාමාන්‍යයෙන් තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමකට සම්බන්ධ කර ධාවනයේදී එම සැපයුමෙන් එක් කලාවක   සම්බන්ධතාවය  කිසියම් හේතුවක් නිසා මෝටරයට නොලැබී යාම single phasing  කියල හඳුන්වනවා. 
                                                                       ඔයාලටත් සමහරවිට මේ අත්දැකීම  ලැබිලත් ඇති. ඔයාල දන්නවද තෙකලා ප්‍රේරණ මෝටරයකට එක් කලාවක් නොලැබී යාම නිසා වෙන බලපෑම් මොනවද කියල... මේවට අපි කියනව Effect of Single phasing  කියලා..

  1. Single phasing නිසා මෝටරය ධාවනයට අවශ්‍ය ධාරාව ඉතිරි කලා 2න් ගැනීම නිසා එම කලාවන්ගේ ධාරා අගය සමාන්‍ය ධාර අගය මෙන් 2.4 ගුණයක් වීම
  2. මෝටරයේ ධාවන වේගය අඩු වීම
  3. මෝටරයේ ව්‍යාවර්තන හැකියාව අඩු වීම නිසා මෝටරයට ගත හැකි load එක අඩු වීම
  4. මෝටරයේ සාමාන්‍ය ශබ්දය වෙනස් වීම
  5. මෝටරය ආරම්භ කිරීම සඳහා Automatic starting ක්‍රමයක් බාවිතා කරයි නම් එය ක්‍රියාත්මක නොවීම 
  6. Overload relay භාවිතා කරයි නම් ඒවා ක්‍රියාත්මක වීම
  7. Motor winding රත් වීම නිසා මෝටරය දැවී යාමටද පිළිවන
මේ කියපු කාරණා හරි හැටි අවබෝධ වෙන්න පහත රූපයත් උදව් කර ගන්න.


මීලට අපි Single phasing වීමට හේතු සහ මෝරයක් කොහොමද මේ කාරනවෙන් බේරා ගන්නේ සහ ඊට භාවිතා කරන ආරක්ෂක උපාංග ගැන කාතා කරනමු....

Single phasing , එහෙමත්  නැත්තම් තෙකලා  ප්‍රේරණ මෝටරයකට එක් කලාවක සැපයුම නොලැබීමට හේතු

  1. විලායක ( fuse ) යොදා ඇති පරිපථයක නම් එක් විලායකයක් දැවී යාම
  2. සිගිති පරිපථ බිඳිනයක( MCB ) හෝ ස්පර්ශීයත්‍රියයක( Contactor ) එකක contact  point එකක් ස්පර්ශ නොවීම හෝ ඔක්සයිඩ බැඳීම
  3. Protection device යොදා ඇත්නම්  ඒවායේ  දෝෂ හේතුවෙන්
  4. සන්නායක රැහැන්  damage වීම
වැනි දෑ මේ සදහා බලපානු ලබයි.  

මෝටරයක් single phasing මගින්  ආරක්ෂා කර ගැනීම.

තෙකලා මෝටරයක් කලාවන් දෙකකින් පමණක් ධාවනය වීම සාමාන්‍ය මෝටරයකට බලපෑම් ඇති කලත් ඇතැම් තෙකලා ප්‍රේරණ වර්ගයේ විශේෂිත මෝටර කලාවන් දෙකකින් වුවත් ධාවනය විය හැකි පරිදි නිර්මාණය කරල තියෙනවා. එයට හොඳම නිදසුන නැවක steering gear pump මෝටරය. මොකද නැවක steering system එක අත්‍යාවශ්‍යම පද්ධතියක වන නිසා එම මෝටරය නිරන්තර සක්‍රීය මට්ටමේ තිබීම අවශ්‍යයි.
දැන් බලමු මොනවද මෝටරය single phasing වීමෙන් වලක්වාගත හැකි ආරක්ෂිත උපකරණ කියල..

  1.  Phase failure relay 
  2.  Electromagnetic over load devices
  3.  Thermistors
  4.  Bi-metal strip devices
කියන මෙන්න මේ උපාංග වලට හැකියාවක්  තියෙනව තෙකලා ප්‍රේරණ වර්ගයේ මෝටරයක් කලාවන් දෙකකින් ධාවනය වීමෙන් වලක්වා  ආරක්ෂා කර ගැනීමට...

     ඔන්න එහෙනම් Single Phasing ගැනත් තොරතුරු ඉවරයි. ඔයාල දන්න දේවලුත් මට කියන්න...

PDF එක මෙතනින් Download කර ගන්න

Wednesday, June 10, 2015

ප්‍රතිරෝධක - Resistors (තෙවැනි කොටස -3rd Part)

සාමාන්‍ය භාවිතයේ තිබෙන ප්‍රතිරෝධයක අගය සොයා ගන්නා ආකාරය කලින් ලිපියෙන් කතා කල නිසා මේ ලිපියෙන් Surface Mounted Resistor (Chip Resistors) එකක අගය කියවා ගන්නා ආකාරය කතා කරමු.

SMD Resistor එකක අගය කියවීම

මෙම වර්ගයේ  ප්‍රතිරෝධයක අගය සටහන් කර ඇති ආකාර 03 කි.

01. Three digit code
02. Four digit code
03. EIA - 96 code

01. Three digit code 


මෙම කේත ක්‍රමය සාමාන්‍ය භාවිතයේ ඇති SMD ප්‍රතිරෝධක වල දක්නට ලැබෙන අතර ප්‍රතිරෝධයේ අගය අංක 03 ක් මගින් සටහන් කර ඇත. මෙහි සඳහන් පළමු අංක දෙක මගින් කියවෙන අගය, තෙවන අංකයේ සඳහන් අගය දහයේ බලයක් ලෙස ගත් විට ලැබෙන අගයෙන් ගුණ කිරීම මගින් ප්‍රතිරෝධයේ අගය ඕම්ස් වලින් ලබා ගත හැක. මෙය වඩා පැහැදිලි කර ගැනීම සඳහා පහත උදාහරණ බලන්න.

3-digit code examples:

220 = 22 ×  (1) = 22Ω (not 220Ω!)
471 = 47 ×  (10) = 470Ω
102 = 10 ×  (100) = 1000Ω or 1kΩ
3R3 = 3.3Ω


මෙම කේත ක්‍රමය සටහන් ව  ඇති  ප්‍රතිරෝධක වල සහනතා අගය ±5% ක් වේ. මෙහිදී R අකුර මගින් දශම තිත සංකේතවත් වේ.

02. Four digit code

මෙම කේත ක්‍රමයේ ද පෙර ආකාරයට තරමක් සමාන නමුත් මෙහි පළමු අංක තුන මගින් එම සඳහන් අගයද, අවසානයේ සඳහන් අංකය දහයේ බලයක් ලෙසින් ගත් විට ලැබෙන අගයෙන් ගුණ කිරීමෙන් ප්‍රතිරෝධයේ අගය ඕම්ස් වලින් ලැබේ.

4-digit code examples:

4700 = 470 × (1) = 470Ω (not 4700Ω!)
2001 = 200 × (10) = 2000Ω or 2kΩ
1002 = 100 × (100) = 10000Ω or 10kΩ
15R0 = 15.0Ω


මෙම වර්ගයේ ප්‍රතිරෝධක වල සහනතා අගය ±1% ක් වන  අතර  3-digit code chip resistors වලට සාපේක්ෂකව නිවැරදි වේ.

03. EIA - 96 code


ඉතා මෑතකදී හදුන්වා දුන් මෙම කේත ක්‍රමය මගින් අංක දෙකකින් ප්‍රතිරෝධයේ අගයෙන් අංක තුනක් සංකේතවත් කෙරේ. අවසානයේ ඇති අක්ෂරය මගින් පෙර ලද අගය ගුණනය වන දහයේ බලය සංකේතවත් වේ. මෙමගින් ප්‍රතිරෝධක අගය දත්ත වගුවක් ඇසුරු කර ගනිමින්  සොයා ගත හැකිය. මෙම කේත ක්‍රමයේ ප්‍රතිරෝධක වල සහනතා අගය ±1%  ක් වේ.


EIA-96 code examples:

01Y = 100 × 0.01 = 1Ω
68X = 499 × 0.1 = 49.9Ω
76X = 604 × 0.1 = 60.4Ω
01A = 100 × 1 = 100Ω
29B = 196 × 10 = 1.96kΩ
01C = 100 × 100 = 10kΩ
Chip Resistors අගයන් කියවීමේදී දැන ගත යුතු විශේෂ කරුණු
  1. 3 - digit code resistor යක කේතයේ යම් අංකයක් යටින් ඉරක් ඇඳ ඇත්නම් එමගින් එම අංකයෙන් දැක්වෙන අගය දශම වන බව හැගවේ.
    example: 122 = 1.2kΩ
     
  2. SMD ප්‍රතිරෝධකයක m හෝ M මගින් එම ප්‍රතිරෝධයේ අගය මිලි  ඕම්ස් () මගින් ලැබෙන බව සංකේතවත් කරන අතරම එම අක්ෂරය සටහන් ස්ථානයෙන් පිටුපස සංඛ්‍යා දශම සංඛ්‍යා වන බවත් හැගවේ.
    example : 1M50 = 1.50mΩ
                     2M2 = 2.2mΩ
  3. යටින් හෝ උඩින් දිගට ඉරක් සටහන් වී ඇත්නම් එයින් එම ප්‍රතිරෝධකය current sensing SMD ප්‍රතිරෝධකයක් බවත් එහි අගය කුඩා මිලි ඕම්ස් ප්‍රමණයේ එකක් බව හදුනා ගැනීමට යොදා ඇත.
    example :
    1m5 = 1.5mΩ, R001 = 1mΩ , etc

SMD ප්‍රතිරෝධකයක ජව ප්‍රමාණනය (Power ratings)

මෙම SMD resistors වල ජවය එහි ප්‍රමාණනය (දිග, පළල) මගින් ප්‍රකාශ කල හැකිය. මේ සඳහා පහත වගුව උපයෝගී කර ගන්න.....



ප්‍රතිරෝධක - Resistors ( දෙවන කොටස - Part 2 )

ප්‍රතිරෝධ  පිළිබඳ ලිපි පෙළේ දෙවන ලිපියයි මේ... ස්ථීර ප්‍රතිරෝධ ගැන කලින් ලිපියෙන් කතා කල නිසා දැන් අපි විචල්‍ය ප්‍රතිරෝධ ගැන සොයා බලමු.
විචල්‍ය ප්‍රතිරෝධ  (variable resistor)


     ප්‍රතිරෝධයේ අගය වෙනස් කල හැකි ප්‍රතිරෝධ විචල්‍ය ප්‍රතිරෝධ ලෙස හැඳින් වෙයි. මෙහිදී අපට වෙළඳපොලෙන් ලබා ගත හැකි විචල්‍ය ප්‍රතිරෝධ ආකාර දෙකකි.
1.විභව මාන වර්ගය  (potentiometer type)
         

උපකරණය ක්‍රයාත්මක කරන්නට විභවය අඩු වැඩි කිරීම සදහා භාවිතා කරයි. ගුවන් විදුලි යන්ත්‍ර වල පරිමා පාලක සහ welding plant වල ධාරා පාලක වල දැකගත හැකිය.
                
2.පෙර සැකසුම් වර්ගය  (preset type)


පරිපථයක් සැකසීමේදී අවශ්‍ය පරිදි ප්‍රතිරෝධය සකස් කරගැනීමට මෙම විචල්‍ය ප්‍රතිරෝධ භාවිතා කරයි.
වර්ණ තීරු මුද්‍රිත ප්‍රතිරෝධයක අගය කියවීම

බොහෝ සාමාන්‍ය භාවිතයේ ඇති ප්‍රතිරෝධක වල අගය ඉලක්කමෙන් සටහන් නොකර වර්ණ තීරු මගින් සදහන් කොට ඇත්තේ  එහි අගය මුද්‍රණය කිරීමේ අපහසු තාවය නිසාය. මෙම ප්‍රතිරෝධක වල අගය සේව්මේදී පළමු වර්ණයට අදාල අගය හා දෙවන වර්ණයට අදාල අගය එලෙසින්ම ලියා තෙවන වර්ණයට අදාල අගයට සමාන බින්දු සංඛ්‍යාව අගට යෙදිය යුතුය. මෙහිදී ලැබෙන අගය ඔම්ස් වලින් වන අතර එම අගය දාහට වැඩිනම් එය දාහෙන් බෙදා කිලෝ ඔම්ස් වලින්ද එයෙත් දහසට වැඩිනම් නැවත එය දාහෙන් බෙදා මෙගා ඔම්ස් වලින් ලබාගත හැක. එක් එක් වර්ණයන්ට අදාල අගයන් පහත රූපයේ පරිදි දත්ත වගු ඇසුරු කර ගනිමින් සොයා ගත හැක. මෙම අගයන් මතක තබා ගැනීම මගින් භාවිතය වඩාත් පහසු වේ. 

  උදාහරණයක් ලෙසින් පිළිවෙලින් දුඹුරු , කළු, රතු, රන්  ලෙසින් වර්ණ සටහන් ප්‍රතිරෝධයක් සලකමු.
දුඹුරු = 1
කළු = 0
රතු = 100
රන් = ±5%
                    එනම් ප්‍රතිරෝධයේ  අගය =  10  × 100 = 1000Ω
  වේ. නමුත් මෙහි වර්ණ තීරු හතරකින් සමන්විත නිසා එම හතරවන වර්ණය මගින් එහි සහනතා අගය (Tolerance) කියවේ. එනම් මෙහි ඇති වර්ණය රන් වන   නිසා මෙම ප්‍රතිරෝධ අගයෙන් ±5% ක අගයක් සොයා ගත යුතුයි. 
1000 × 5% = ±50
  එබැවින් සත්‍ය වශයෙන් ම මෙහි  ප්‍රතිරෝධ අගය 950Ω - 1050Ω ත් අතර පිහිටයි.  නමුත් සාමාන්‍ය භාවිතයේ ප්‍රතිරෝධයේ අගය ලෙස සලකනු ලබන්නේ සහනතා අගය හැර අනෙක් අගයයි.
               ඔයාලට දැන ගන්න මම  Color code එක මතක තියා ගන්න කෙටි ක්‍රමයක් කියන්නම්කෝ.
"කළු දුම්බරේ රතු තැඹිලි කඩන කොල්ලෝ නිවන් දකින්නේ අළුයම සුදු පාටටයි" කියන වාක්‍යයේ මුල් අකුරු වලින් color code එක (කළු, දුඹුරු, රතු, තැඹිලි, කහ, කොළ, නිල්, දම්, අළු, සුදු) කියවෙනවා. මේකෙ පිළිවෙලට අංක ටික 0 සිට ලියා ගත්තහම පහසුවෙන්ම 4 band  color code එක ඔයාලට මතක තියා ගන්න පුළුනි. මීට අමතරව සහනතා අගයන් රන් - ±5% ලෙසත්  රිදී - ±10%  ලෙසත් මතක තබා ගන්න. ඔයාලත් ප්‍රතිරෝධයක් අරන් අගය කියවන්න පුලුවන්ද බලන්නකෝ.

මීළඟ ලිපියෙන් SMD Resistor යක අගය සොයන ආකාරය කතා කරමු.

Friday, June 5, 2015

ප්‍රතිරෝධක - Resistors




   යම් පරිපථ කොටසක් තුලින් ගලන ධාරාව පාලනය කිරීම සදහා යොදාග්න්න ඉලෙක්ට්‍රෝනික් උපාංගය ලෙස ප්‍රතිරෝධයක් හදින්විය හැක.ප්‍රතිරෝධය මනින ඒකකය ලෙස හදුන්වන්නේ ඕම් (Ω) ය. එහෙත් ප්‍රතිරෝධයේ අගය විශාල වන විට එය කිලෝ ඕම් (KΩ) හා මෙගා ඕම් (MΩ) වශයෙන් අගය මැනීමට භාවිතා කරයි.

ඒ අතර සම්බන්ධය,          

1000 Ω=1 KΩ
1000 KΩ=1 MΩ

මෙය 1000000 Ω = 1 MΩ ලෙසද ලිවිය හැක.

ප්‍රධාන වශයෙන්  ප්‍රතිරෝධ වර්ග දෙකකි.

1. ස්ථිර ප්‍රතිරෝධ  (fixed resistor)
2. විචල්‍ය ප්‍රතිරෝධ  (variable resistor)

ස්ථීර  ප්‍රතිරෝධ  - Fixed  Resistors 

ස්ථීර ප්‍රතිරෝධ  යනු ඒවායේ   සළකුණු කර ඇති අගයන්ගෙන් පමණක් පවතින    ඒවායේ ප්‍රතිරෝදිතාවය වෙනස් කල නොහැකි ප්‍රතිරෝධක     වේ.



ස්ථිර ප්‍රතිරෝධ නැවතත් වර්ග තුනකි.

 1. කම්බි එතූ වර්ගය  (wire wound resistors)


   විශේෂ ආකරයේ කම්බියක්  (Resistor wire) මගින් යම්කිසි හරයක් මත ඔතා ගැනීමෙන් මෙම ප්‍රතිරෝධ වර්ගය නිර්මාණය කර ඇත.සාමාන්න්‍යයෙන් මෙම ප්‍රතිරෝධය විශාල වන අතර අධික ධාරාවක් සදහා ඔරොත්තු දෙයි.එනම් ප්‍රතිරෝධය අදික වේ.තවද මෙම ප්‍රතිරෝධ වල අගය සටහන් කර ඇත.

 2. කාබන් පටල වර්ගය  (carbon film resistors)


  ස්ථීර ප්‍රතිරෝධ ගණයට අයත් තවත් ප්‍රතිරෝධයකිකාබන් පටල ප්‍රතිරෝධය ඉතා සියුම් කාබන් පටලයක් හරයක් වටා ඔතා ගැනීමෙන් මෙය නිශ්පාදනය කර ඇත. යොදාගැනෙන කාබන් සoයුතියේ ප්‍රමාණය මත ප්‍රතිරෝධයේ අගය වෙනස් වෙයි.

උපරිම ප්‍රතිරෝදයේ අගය ප්‍රතිරෝදය මත සදහන් කර ඇත.එය 0  සිට සදහන් කර ඇත.

කාබන් සoයුක්ත වර්ගය  (carbon composition)

  ස්ථිර ප්‍රතිරෝධ ගණයට අයත් තවත් ප්‍රතිරෝධයකි.මෙය කම්බි ඔතන වර්ගයට සමාන ලෙස ඉතා දිග කාබන් පටලයක් කුඩා ප්‍රතිරෝධී අගයක් ලැබෙන ලෙස මුළු හරයම වටා එතෙන ආකරයට උපාoගය නිර්මණ්ය කර ඇත.ඉතා අදික මිල අති ප්‍රතිරෝධ වලට මෙය භාවිතා කරයි.මේවායේ අගය වර්ණ පටි වලින් සහ අගය සදහන් කරමින් දක්වා ඇත.

  3.මතුපිට සවිකරන වර්ගය    (surface mounted type ( SMD ))


   නවීන ඉලෙක්ට්‍රොනික් පරිපථවල දැක ගැනීමට හැක.මතුපිට සවිකරන ප්‍රතිරෝධ වර්ගය කාබන් පටල ගණයට අයත් විශේෂ නිර්මණයකි.මෙය පරිපථය කුඩා කර ගැනීම සදහාත් පරිපථයෙන් ගලායන දාරාව අඩුකර ගැනීමටත් මෙම මතුපිට සවිකරන වර්ගය බහුලව භාවතා කරයි.

 මීට වඩා වෙනස්  ආකාරයට ප්‍රතිරෝධ වර්ග කිරීම් දක්නට ලැබෙන අතර ඒ පිළිබඳ  පසුව ලිපියකින් කතා  කරමු.

  පළවෙනි පෝස්ටුව නිසා අඩුපාඩු විය හැකි නිසා ඒ ගැන හැමෝම sorry වෙන්න ඕනි. ඔයලගෙ අදහස් යෝජනා චෝදනා සේරම comment කරල යනත් අමතක කරන එපා...